Sinhala poza

 යොහන් 8
12. යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය''යි වදාළ සේක-.
...
23. එබැවින් උන් වහන්සේ-, කතා කොට-, ''ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි-. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි-.
24. ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි-. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය''යි වදාළ සේක-.
...
36. එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නමි-, ඔබ සැබැවින් ම නිදහස් ය-.




යොහන් 6
47. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, අදහන්නාට සදාතන ජීවනය ඇත-.


ප්‍රශ්නය: යේසුස් වහන්සේ ගලවයි යන්නෙහි අර්ථය කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-Jesus-saves.html


1 යොහන් 5
13. මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණස ය-.




මාර්ක් 14
61. එහෙත්-, ජේසුස් වහන්සේ නිශ්ශබ්ද ව කිසි පිළිතුරක් නොදී සිටි සේක-. යළිත් උත්තම පූජකයා කතා කොට-, ''ඔබ ක්‍රිස්තුවරයාණො ද? ආශීර්වාදිතයාණන්ගේ පුත්‍රයාණෝ දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය-.
62. ජේසුස් වහන්සේ ද-, ''එසේ ය-, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්-, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ''යි වදා< සේක-.





එළිදරව් 1
7. බලන්න-, උන් වහන්සේ වලාකු ළු පිරිවරා වඩින සේක-. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය-. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය-. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය-. එය සැබෑ ම ය-. ආමෙන්-.
...
17. මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන්, උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්; භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය, ජීවමානවූ තැනැත්තාය;
18. මම මැරුණෙමි නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද*(ග්‍රීක්: හේදීසය) යතුරු මට ඇත්තේය.




1 තෙසලෝනික 4
16. මන්ද-, සමිඳ්‍රණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද-, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද-, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක-. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය-.
17. එවිට ජීවතුන් අතර සිටින අපි-, ඔවුන් සමභ සමිඳ්‍රණන් වහන්සේ හමු වන පිණස-, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු-. මෙසේ අපි නිතර ම සමිඳ්‍රණන් වහන්සේ සමභ සිටින්නෙමු-.




................
Holy God  (video)
http://youtu.be/rQfy1pZSbZ0


ප්‍රශ්නය: ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය ශුද්ධ බයිබලයට අනුකුලද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-deity-Christ.html 


http://youtu.be/ancMDPFM1S8
................




ප්‍රශ්නය: අවසාන කාලය පිළිබඳ ඇති ලකුණු මොනවාද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-signs-end.html

ප්‍රශ්නය: පරණ ගිවිසුමෙහි ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාවැකි පවසන්නේ කොහේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-OT-Christ.html 

ප්‍රශ්නය: මට අවශ්‍යය නිවැරදි ආගම කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-right-religion.html

ප්‍රශ්නය: සැබෑ ආගම නම් කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-true-religion.htmla

ප්‍රශ්නය: සම්පූර්ණ සත්‍ය / විශ්වීය සත්‍ය එවැනි දෙයක් තිබේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-absolute-truth.html






ලූක් 9
18. ඉන්පසු උන් වහන්සේ තනියම යාච්ඤ කරද්දී ශ්‍රාවකයෝ උන් වහන්සේ සමභ සිටියහ-. එවිට උන් වහන්සේ-, ''මහජනයා මා කවරෙකැ යි කියද්දැ''යි ඔවුන්ගෙන් ඇසූ සේක-.
19. ඔව්හු-, ''සමහරු 'ස්නාවක-ජොහන් ය' කියාත් සමහරු 'එලියා ය' කියාත් අන් සමහරු-, 'ආදියෙහි සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් නැවත උත්ථාන වී ය' කියාත් කියති''යි පිළිතුරු දුන්හ-.
20. ''එහෙත්-, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක-. ''ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය''යි පේදුරු පිළිතුරු දුන්නේ ය-. ජේසුස් වහන්සේ සිය මරණය හා පුනරුජ්ජීවනය ගැන කලින් කීම
21. උන් වහන්සේ මෙය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක-. 22. තවද-, ''මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්-, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණන් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ''යි වදාළ සේක-.

යොහන් 14
29. ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණස-, එය සිදු වන්න පෙර-, දැනට ම ඔබට කියා ඇත-.





ප්‍රශ්නය: දෙවියන් වහන්සේ විද්‍යාමානද? දෙවියන් වහන්සේ විද්‍යාමාන බවට සාක්ෂි තිබේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-does-God-exist.html

ප්‍රශ්නය: දෙවියන් වහන්සේ සැබෑද?දෙවියන් වහන්සේ සැබෑ බව මම සහතිකව දැන ගන්නේ කෙසේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-is-God-real.html

ප්‍රශ්නය: පාපයේ නිර්වචනය කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-definition-sin.html

ප්‍රශ්නය: දෙවියන් වහන්සේගේ ලක්‍ෂණ මොනවාද? දෙවියන් වහන්සේ කෙබඳුද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-attributes-God.html

ප්‍රශ්නය: මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මා දැන ගන්නේ කෙසේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-know-will-God.html

ප්‍රශ්නය: මරණින් පසු ජීවිතයක් ඇද්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-life-after-death.html

ප්‍රශ්නය: මරණින් පසු කුමක් සිදුවේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-after-death.html

ප්‍රශ්නය: ශුද්ධ බයිබලය සත්‍ය ලෙසම (ඇත්තෙන්ම) දෙවියන් වහන්සේගේ වචනයද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-Word-God.html

ප්‍රශ්නය: යේසුස් දෙවියන් වහන්සේද? යේසුස් කවදාවත් කියා පෑවාද දෙවියන් වහන්සේ බව?
http://www.gotquestions.org/Sinhala/Sinhala-is-Jesus-God.html

ප්‍රශ්නය: යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු කවුරුන්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-who-Jesus.html

ප්‍රශ්නය: යේසුස් වහන්සේගේ උත්ථානය සැබෑවක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-Jesus-resurrection.html

ප්‍රශ්නය: බයිබලයේ දෝෂ, පරස්පර විරෝධ, වෙනස්කම් වලින් සමන්විත වේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-Bible-errors.html

ප්‍රශ්නය: ගැලවීමේ සැලසුම යනු කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-way-salvation.html

ප්‍රශ්නය: මම දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ කෙසේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-got-forgiveness.html

ප්‍රශ්නය: කුමක්ද ඔබ අදහස් කරන්නේ යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුමි කාරයා හැටියට බාර ගැනීමෙන්?
http://www.gotquestions.org/Sinhala/Sinhala-personal-Savior.html

ප්‍රශ්නය: ස්වර්ගය සඳහා ඇති එකම මග ක්‍රිස්තුස් වහන්සේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-Jesus-only.html

ප්‍රශ්නය: ජීවිතයේ අර්ථය කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-meaning-life.html

 ප්‍රශ්නය: සදාකාල ජීවනයක් තිබේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-eternal-life.html

මම යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවෙමු...දැන් කුමක්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-now-what.html

ප්‍රශ්නය: ගැලවීම ලබාගත හැක්කේ ඇදහිල්ලෙන් පමණක්ද? නැතිනම්ඇදහිල්ල සමග ක්‍රියා වලින්ද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-faith-alone.html

ප්‍රශ්නය: යේසුස් වහන්සේ පිළිබඳව කිසිම දවසක දැන ගැනුමට අවස්ථාවක් නොලැබුනු පුද්ගලයෙකුට කුමක් සිදුවේද? දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගැන නොඇසූ පුද්ගලයෙකුව වරදට පත්කරයිද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-never-heard.html

ප්‍රශ්නය: අපි බයිබලය කියවිය යුත්තේ ඇයි? / බයිබලය අධ්‍යනය කිරීම?
http://www.gotquestions.org/Sinhala/Sinhala-why-study-Bible.html

ප්‍රශ්නය: ආගන්තුකයින් (විදේශිකයින්) හඳුනා නොගත් පියාසර වස්තු එවැනි දෙයක් තිබේද?
http://www.gotquestions.org/Sinhala/Sinhala-aliens-UFO.html




යොහන් 14
6. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නො- පැමිණෙන්නෝ ය-.


ක්‍රියා 10
43. උන් වහන්සේ අදහන සියල්ලනට උන් වහන්සේගේ නාමයේ අනුහසින් පව් කමාව ලැබෙන බවට සියලු දිවැසිවරයෝ සාක්ෂි දෙති''යි කී ය-.



ලූක් 4
40. හිරු බැස යද්දී-, නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාර ව සිටි සියල්ලෝ ම උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ-. උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් ක< සේක-.
41. දුෂ්ටාත්මයෝ ද-, ''ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය''යි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූ හ-. තමන් ක්‍රිස්තුන් වහන්සේ යයි ඔවුන් දැන සිටි නිසා උන් වහන්සේ ඔවුන්ට තරවටු කොට-, කතා කිරීම තහනමි ක< සේක-.



යොහන් 8
36. එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නමි-, ඔබ සැබැවින් ම නිදහස් ය-.



හේ‍‍බ්‍රෙව් 9
27. තවද එක වරක් මරණයත්-, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම-,
28. බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක-. තවද-, පාපය දුරු කරන පිණස නොව-, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණස-, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක-.



රෝම 1
22. සිය ප්‍රඥව ගැන පුරසාරමි දෙඩූ ඔවුන් අඥනයන් වී ඇත-.
23. ඔව්හු අජරාමර දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට-, ජරාපත් වන මිනිසුන්ගේ ද පක්ෂීන්ගේ ද සිව්පාවුන්ගේ ද උරගයන්ගේ ද සමානකමි ඇති පිළිරූ යොදාගත්හ-.
24. එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ මාංසික තෘෂ්ණාවලට ද කායික දූෂණවලට ද ඔවුන් පාවා දුන් සේක-.
25. එසේ කෙළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් වැළඳ ගෙන-, මැවුමිකාරයාණන් වෙනුවට මැවිල්ලට වැඳුමිපිදුමි හා ගැතිකමි කළ නිසා ය-. උන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්-.




...............................................................................................
සිංහල - Sinhala Bible  (download)
http://ge.tt/8XJdiMD
...............................................................................................
தமிழ் பைபிள் - Tamil  Bible  (download)
http://ge.tt/8LRfebB?c
...............................................................................................
Sinhala  Bible - Audio     (download)
http://ow.ly/ca6pV
...............................................................................................
Tamil - Bible - கடவுளின் வார்த்தை  Audio      (download)
http://ow.ly/ca6uJ
...............................................................................................
இளைஞர்கள் முதல் படி
http://www.youtube.com/watch?v=8Z54L9IJMSw
...............................................................................................




தமிழ் மொழி - video
http://ow.ly/ca6yx




මතෙව් 15
18. එහෙත්-, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය-.
19. නපුරු චෙතනා-, මිනීමැරුමි-, කාමරාග-, සල්ලාලකමි-, සොරකමි-, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය-.


එළිදරව් 20
10. එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා-, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින-, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැ-, ය-. ඔව්හු සදහට ම-, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය-.


එළිදරව් 21
8. එහෙත් -,යසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය-. එය දෙ වන මරණය''යි මට වදා< සේක-.


මතෙව් 28
16. ශ්‍රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ-.
17. ඔව්හු උන් වහන්සේ දැක පසභ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ-.
18. ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට-, ''ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ-.
19. එබැවින් ඔබ ගොස්-, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්-මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;
20. මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න-. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමභ සිටිමි''යි වදාළ සේක-.



මාර්ක් 16
14. පසුව ජේසුස් වහන්සේ-, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී-, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා-, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක-.
15. උන් වහන්සේ ඔවුන් අමතා-, ''ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න;
16. අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්-, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය-.



මතෙව් 18
1. එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්-, ''ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුමි වන්නේ කවරෙක් දැ''යි ඇසූහ-.
2. එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක:
3. ''සැබැවින් ම මම ඔබට කියමි-, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්-, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය-.
4. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද-, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුමි වන්නේ ඔහු ය-.
5. තවද-, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය-.''
6. ''මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමභ යවන යමෙක් වේ ද-, ඔහුගේ ගෙළ වටා මහා ඇඹරුමි ගලක් එල්ලා මුහුදු ගැඹුරෙහි ගිල්වා දැමීම ඔහුට යහපත-.
7. මෙවැනි බාධා ලොවේ ඇතිවීම කොතරමි දුකක් ද? බාධා ඇතිවීම නියත ය; එසේ වුව ද යමෙකු නිසා බාධා ඇති වේ ද-, ඒ තැනැත්තාට වන විපතක මහත!



 මාර්ක් 9
41. ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුව ද බොන්න දෙන්නේ නමි-, එහි ආනිශංසය ඔහුගෙන් කිසි සේත් නැති නොවන්නේ යයි සැබැවින් ම මම ඔබට කියමි''යි වදාළ සේක-.
42. ''තවද-, උන් වහන්සේ කතා කරමින් මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමභ යවන යමි කෙනෙක් ඇද්ද-, ඔහුගේ ගෙල වටා මහා ඇඹරුමි ගලක් එල්ලා මුහුදේ හෙළාදැමීම ඔහුට යහපත-.




......................................................................
Sinhala, Tamil, English, French - video -
http://ow.ly/ca6d1
......................................................................




යොහන් 10
17. ''මා පියාණන් මට ප්‍රේම කරන්නේ-, මා නැවත ලබන පිණස මාගේ දිවි පුදන බැවිනි-.
18. කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති-. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි-. එය පුදන්නට මට බලය තිබේ-. එය යළි ලබන්නට ද මට බලය තිබේ-. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි''යි වදාළ සේක-.
...
27. මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති-. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති-.
28. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි-. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති-. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති-.
29. ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය-. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය-.
30. මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය''යි වදාළ සේක-.
31. උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ-.
32. එවිට ජේසුස් වහන්සේ කතා කොට-, ''පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි-. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ''යි ඇසූ සේක-.
33. ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්-, ''අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව-, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය''යි කී හ-.



ලූක් 5
20. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක-, ''මිත්‍රය-, ඔබේ පව් ඔබට කමා කරන ලදැ''යි වදාළ සේක-.
21. එවිට විනයධරයෝ ද පරිසිවරු ද-, ''දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ''යි විවාද කරන්න පටන්ගත්හ-.
22. ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්-, ''ඔබේ සිත් තුළ මෙසේ විවාද කරන්නේ මන් ද?
23. වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද-, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද?
24. එහෙත්-, පොළොවෙහි දී පව් කමා කරන්න මනුෂ්‍ය-පුත්‍රයාණන්ට බලය ඇති බව ඔබ දැනගන්න පිණස මම මෙය කරමි''යි කියා-, උන් වහන්සේ-, ''මෙට්ටය රැගෙන යන්නැ යි මම ඔබට කියමි''යි අංසබාග රෝගියාට වදාළ සේක-.
25. එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට-, තමා වැතිර හුන් මෙට්ටය රැගෙන-, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය-.



ලූක් 8
26. ඔව්හු ගලීලය ඉදිරියෙහි වූ ගෙරසේනයන්ගේ රටට පැමිණයහ-.
27. උන් වහන්සේ ගොඩ බසිත් ම-, නුවරින් ආ දුෂ්ටාත්මාවේශ වූ මිනිසෙක් උන් වහන්සේට හමු විය-. ඔහු බොහෝ කලක් ම නිර්වස්ත්‍ර ව-, ගෙයක නොව-, සොහොන් ගෙවල වාසය කෙළේ ය-.
28. ඔහු ජේසුස් වහන්සේ දැක-, මොරගසා-, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී-, ''පරමෝත්තම දෙවියන්ගේ පුත් ජේසුස් වහන්ස-, ඔබත්-, මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන් අයැදිමි''යි මහ හඩින් කීවේ ය-.
29. මෙසේ කීවේ-, ඒ මිනිසාගෙන් දුරු වන්න උන් වහන්සේ අශුද්ධාත්මයට අණ කළ බැවිනි-. ඒ අශුද්ධාත්මය නොයෙක් වර ඔහුට ආවේශ වූ බැවින්-, යදමිවලින් ද විලංගුවලින් ද බැඳ ඔහු මුර කරන ලද්දේ ය; එහෙත්-, ඔහු ඒ බැඳුමි කඩා දැමී ය-. දුෂ්ටාත්මය විසින් ඔහු පාළුකරයට පලවා හරින ලද්දේ ය-.
30. ''තාගේ නම කුමක් දැ''යි ජේසුස් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක-. බොහෝ දුෂ්ටාත්මයන් ආවේශ ව සිටි නිසා-, ඔහු-, ''සේනා''යිෆ කී ය-.
31. එවිට දුෂ්ටාත්මයෝ පාතාලයට යන පරිදි තමන් හට අණ නොකරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ-. 32 එතැන කන්දේ මහා ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය-. ඌරන්ට වැහෙන පිණස දුෂ්ටාත්මයෝ උන් වහන්සේගෙන් අවසර ඉල්ලූ හ-. උන් වහන්සේ අවසර දුන් සේක-.



යොහන් 11
23. ''ඔබේ සහෝදරයා නැවත නැඟිටින්නේ ය''යි ජේසුස් වහන්සේ ඇයට වදා< සේක-.
24. මාර්තා පිළිතුරු දෙමින්-, ''අන්තිම දවසේ-, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි''යි කීවා ය-.
25. ජේසුස් වහන්සේ කතා කරමින්-, පුන-රුජ්ජීවනය ද-, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;
26. ජීවත් ව සිටින-, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය-. ඔබ මෙය අදහන්නෙහි දැ''යි ඇසූ සේක-.
27. ඈ පිළිතුරු දෙමින්-, ''ඔබ ක්‍රිස්තු-වරයාණන් බවත්-, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්-, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි''යි කීවා ය-.
...
39. ''ගල ඉවත් කරන්නැ''යි ජේසුස් වහන්සේ වදාළ සේක-. ''ස්වාමීනි-, ඔහු මියගොස් සතර දිනකි-, දැන් දුගඳත් ඇතැ''යි මළ තැනැත්තාගේ සොහොයුරියක වූ මාර්තා කීවා ය-.
40. ජේසුස් වහන්සේ කතා කොට-, ''ඔබට ඇදහිල්ල ඇත්නමි ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය අත්දකින බව මා කීවා නොවේ දැ''යි ඈට වදාළ සේක-.
41 එවිට ඔව්හු ගල ඉවත් කළහ-. ජේසුස් වහන්සේ ඇස් ඔසවා-, ''පියාණෙනි-, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි-.
42. සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි-. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමූහයා අදහාගන්න පිණස ය''යි වදාළ සේක-.
43. උන් වහන්සේ මෙසේ කියා-, ''ලාසරස් පිටතට එන්නැ''යි මහ හඩින් වදාළ සේක-.
44. මැරී සිටි තැනැත්තා පිටතට ආවේ ය; ඔහුගේ අත් පා රෙදි පටිවලින් වෙළා තිබුණේ ය; මුහුණ රෙදි කඩකින් ඔතා තිබුණේ ය-. ''මොහුගේ බැමි ලිහා-, යන්නට හරින්නැ''යි ජේසුස් වහන්සේ වදාළ සේක-.
45. මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන් වහන්සේ අදහාගත්හ-.



යොහන් 3
16. ''දෙවියන් වහන්සේ ලෝකයාට කොතරමි ප්‍රේම කළ සේක් ද කීවොත්-, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක-. එසේ කෙළේ-, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණස ය-.
17. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ-, ලෝකයා විනිශ්චය කරන පිණස නොව-, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණස ය-.
18. උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ-. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත-.



1 යොහන් 1
7. එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නමි-, එකිනෙකා සමභ සහභාගිකම අපට ඇත-. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය-.



මතෙව් 6
7. ''තවද-, යාච්ඤ කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න-. ඔවුන් දොඩන වචන රාශිය නිසා-, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති-.
8. ඔවුන් හා සමාන නොවන්න-. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක-.
9. එහෙයින් මෙසේ යාච්ඤ කරන්න: 'ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි-, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා-,
10. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා-, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා-, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා-.
11. අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව-.
12. අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව-.
13. අප පරීක්ෂාවට නොපමුණුවා-,


මතෙව් 5
11. මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට-, නානා විධ අසත්‍ය චෝදනා නභන කල ඔබ භාග්‍යවන්තයෝ ය;
12. ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද-, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය-. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ-.''



ලූක් 24
33. ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්-, එකොළොස් දෙනා ද ඔවුන් සමභ සිටි අනෙක් අය ද-,
34. ''ඒකාන්තයෙන් ම සමිඳ්‍රණන් වහන්සේ නැඟිට සිටින සේක-, සීමොන්ට ද පෙනුණÜ සේකැ''යි කියමින් සිටිනු දුටහ-.
35. එවිට ඔව්හු ද මභ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ-.
36. ශ්‍රාවකයන් මෙසේ කතා කරමින් සිටිය දී උන් වහන්සේ ඔවුන් මැදට වැඩම කර-, ''ඔබට ශාන්තිය වේ වා!''යි වදාළ සේක-.
37. එහෙත් ඔව්හු ත්‍රස්ත ව භීතියට පත් ව-, ඒ අවතාරයකැ යි සිතූ හ-.
38. උන් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''ඔබ කැළඹී සිටින්නේ මන් ද? ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන් ද?
39. මාගේ අත් හා පා බලන්න; මේ මා ම බව තේරුමිගන්න; මා ස්පර්ශ කොට-, බලන්න; ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත-. අවතාරයකට නමි ඒවා නැතැ''යි වදාළ සේක-.
40. උන් වහන්සේ මෙවදන් කියා-, තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක-.
41. ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙමින් සිටිය දී-, උන් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේ දැ''යි ඇසූ සේක-.
42. ඔව්හු බැදපු මාළු කෑල්ලක් උන් වහන්සේට පිළිගැන්වූ හ-.
43. උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළ» සේක-.
44. තවද උන් වහන්සේ කතා කරමින්-, ''මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහි ද දිවැසාවලියෙහි ද ගීතාවලියෙහි ද ලියා ඇති හැම දෙය ම ඉෂ්ට විය යුතු යයි මා ඔබ සමභ සිටිය දී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේ ය''යි වදාළ සේක-.
45. එවිට උන් වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණස ඔවුන්ගේ සිත් පහදවා කතා කොට-, 46. ''මෙසේ ක්‍රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන් වන දා මළවුන්ගෙන් නැඟිටින්ටත්-,
47. ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද-, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත-.
48. ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහු ය-.
49. බලන්න-, මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි-. එහෙත්-, ඉහළින් වන බලපරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරයෙහි නැවතී සිටින්නැ''යි වදාළ සේක-.
50. උන් වහන්සේ බෙතානිය දක්වා-, ඔවුන් කැඳවාගෙන ගොස්-, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක-.
51. එසේ ආශීර්වාද කරද්දී ම-, උන් වහන්සේ ඔවුන් කෙරෙන් වෙන් ව-, ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක-.
52. ඔව්හු උන් වහන්සේට නමස්කාර කොට-, ඉමහත් ප්‍රීතියකින් ජෙරුසලමට හැරී අවුත්-,
53. නිරතුරු දේව මාලිගාවෙහි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළහ-.



තීතස් 2
11. සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත-.
12 -13 අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා-, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්-, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුමිකාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්-, සිහිනුවණන් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය-.


යොහන් 5
25. ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති-.
26. පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම-, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක-.
27. තවද-, උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් වන බැවින් විනිශ්චය කිරීමේ අය්කාරි බලය ද උන් වහන්සේට දෙවා වදාළ සේක-.
28. මේ ගැන මවිත නොවන්න; මන්ද-, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය-.
29. එවිට-, යහපත කළ අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරනු ලබති; අයහපත කළ අය විනිශ්චය සඳහා උත්ථාන කරනු ලබති-.


යොහන් 20
24. ජේසුස් වහන්සේ වැඩිය කල-, දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ 'නිවුන් දරුවා' යයි නමි ලත් තෝමස් ඔවුන් සමභ නොසිටියේ ය-.
25. එහෙයින් සෙසු ශ්‍රාවකයෝ-, ''අපි සමිඳ්‍රණන් වහන්සේ දුටිමු''යි ඔහුට කී හ-. එහෙත් ඔහු කතා කොට-, ''උන් වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක-, ඇණ ගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා-, උන් වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස-, නැත්නමි විශ්වාස නොකරමි''යි කී ය-.
26. අට දවසකට පසු උන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝ ය-. තෝමස් ද ඔවුන් සමභ සිටියේ ය-. දොරවල් වසා ති-,ණ-. එහෙත්-, ජේසුස් වහන්සේ පැමිණ-, ඔවුන් මැද වැඩ සිට: ''ඔබට ශාන්තිය වේ වා!''යි වදාළ සේක-.
27. ඉන්පසු උන් වහන්සේ තෝමස් අමතා-, ''ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න-. අවිශ්වාස නොකර විශ්වාස කරන්නැ''යි වදාළ සේක-.
28. තෝමස් පිළිතුරු දෙමින්-, ''මාගේ ස්වාමීනි-, මාගේ දෙවියෙනි''යි උන් වහන්සේට කී ය-.
29. එවිට ජේසුස් වහන්සේ-, ''ඔබ මා දුටු බැවින් අදහාගත්තෙහි ය-. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය''යි වදාළ සේක-.
30. මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කමි ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක-.
31. එහෙත් මේවා ලියන ලද්දේ-, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණසත්-, ඇදහීමෙන් ජීවනය ලබන පිණසත් ය-.



යොහන් 1
11. උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක-, එහෙත්-, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ-.
12. එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනමි-, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට-, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැ-,මේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක-.
13. එසේ උපත ලැබූයේ-, මානව සන්තතියෙන් වත්-, කායික සබඳතාවෙන් වත්-, මිනිස් පියෙකුගෙන් වත් නොව-, දෙවියන් වහන්සේගෙන් ම ය-.



1 යොහන් 3
1. බලන්න-, පියාණන් වහන්සේ අපට කෙතරමි ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක-. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය-. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්-, ඔව්හු අප ද නොහඳුනති-.
2. ප්‍රේමවන්තයෙනි-, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය-. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත-. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු-. මන්ද-, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු-.




(ஆண்டு கிமு 500) - தீர்க்கதரிசனம் இயேசு கிறிஸ்து திரும்ப பற்றி
(year 500 BC)  -  prophecy about the return of Lord Jesus Christ
சகரியா 12 
1. இஸ்ரவேலைக்குறித்துக் கர்த்தர் சொன்ன வார்த்தையின் பாரம்; வானங்களை விரித்து, பூமியை அஸ்திபாரப்படுத்தி, மனுஷனுடைய ஆவியை அவனுக்குள் உண்டாக்குகிற கர்த்தர் சொல்லுகிறது என்னவென்றால்;
2. இதோ சுற்றிலும் இருக்கிற எல்லா ஜனங்களுக்கும் நான் எருசலேமைத் தத்தளிப்பின் பாத்திரமாக்குகிறேன்; எருசலேமுக்கு விரோதமாய்ப் போடப்படும் முற்றிக்கையிலே யூதாவும் அப்படியேயாகும்.
3. அந்நாளிலே நான் எருசலேமைச் சகல ஜனங்களுக்கும் பாரமான கல்லாக்குவேன்; அதைக் கிளப்புகிற யாவரும் சிதைக்கப்படுவார்கள்; பூமியிலுள்ள ஜாதிகளெல்லாம் அதற்கு விரோதமாய்க் கூடிக்கொள்வார்கள்.
...
8. அந்நாளிலே கர்த்தர் எருசலேமின் குடிகளைக் காப்பாற்றுவார்; அவர்களில் தள்ளாடினவன் அந்நாளிலே தாவீதைப்போல இருப்பான்; தாவீது குடும்பத்தார் அவர்களுக்கு முன்பாக தேவனைப்போலும் கர்த்தருடைய தூதனைப்போலும் இருப்பார்கள்.
9. அந்நாளிலே எருசலேமுக்கு விரோதமாய் வருகிற எல்லா ஜாதிகளையும் அழிக்கப் பார்ப்பேன்.
10. நான் தாவீது குடும்பத்தாரின்மேலும் எருசலேம் குடிகளின்மேலும் கிருபையின் ஆவியையும் விண்ணப்பங்களின் ஆவியையும் ஊற்றுவேன். அப்பொழுது அவர்கள் தாங்கள் குத்தின என்னை நோக்கிப் பார்த்து, ஒருவன் தன் ஒரே பேறானவனுக்காகப் புலம்புகிறதுபோல எனக்காகப் புலம்பி, ஒருவன் தன் தலைச்சன் பிள்ளைக்காகத் துக்கிக்கிறதுபோல எனக்காக மனங்கசந்து துக்கிப்பார்கள்.